Catch That Kid (2004) Script

❖Catch That Kid❖ (කැච් දැට් කිඩ්) *****වැඩ්ඩෝ අපියි...*****


අයියෝ, නෑ.


කොහොමද, අම්මේ. හෙලෝ, මැඩලයින්. ඔයා මොකද කරන්නේ?

අහ්, ගෙදර වැඩ.

මේ වසන්ත නිවාඩුවේ?

ඔයා කොහෙවත් නගින්නෙ නෑනේ, ඔයා නගිනවද?

මොකද ඔයා දන්නවා මට ඔයා නගිනවා දකින්න ඕන නෑ කියලා. පිස්සුද අම්මේ.

මම කොහෙවත් නගින්නෙ නෑ.

පිලිප්ස් මහත්මිය, එයාල ඔයා එනකම් බලාගෙන ඉන්නවා.

මට සමාවෙන්න. තත්පරයක් දෙන්න.

පැටියෝ, මම එන්න පරක්කු වෙයි, ඉතිං මට ඔයාව ඕන...

මැක්ස්ව ඩේ-කෙයා එකෙන් ගන්න. එහෙමනේ.

ඔව්. හැමදාටම නෙමෙයි, හරිද, පැටියෝ.

මම මේ ව්‍යාපෘතිය ඉවර කරනකම් විතරයි.

හරි හරි. මම පහලට යන්නම්. පහලට?

එතනට. දන්නවනේ මම අදහස් කරපු දේ.

හරි. මම ඔයාව පස්සෙ හමුවෙන්නම්. මම ඔයාට ආදරෙයි.

සුභ සන්ද්‍යාවක්, පිලිප්ස් මහත්මිය. ඔයා අපිට එකතු වුන එකට සතුටුයි.

ඔයා දන්නවනේ ඔයාගෙ ආරක්ෂක ආයතනය, මගේ බැංකුවට වැඩ කරන එක මීට පැය 23 කට කලිනුයි ඉවරවෙන්න තිබ්බෙ කියලා?

අහ්, බ්‍රිස්බන් මහත්තයා...

මම ඔයාට තේරුම් කරලා දුන්නා, ගොඩනැගිල්ල හදපු කාලයත් එක්ක...

ප්‍රධාන කොටස්කරුවො ලබන සිකුරාදා රෑට මෙහෙ එනවා...

බැංකුවේ විවෘත කරන උත්සවයට.

මම කිව්ව විදියට, පද්ධතිය තාම පරීක්ෂා කරලා නෑ, ඉතිං මට බෑ, හෘද සාක්ෂියට අනුව...

මේ පාටිය කෙරෙනවාමයි, පිලිප්ස් මහත්මිය, ඔයාගෙ අවසරය ඇතත්, නැතත්.

මේක හරිම වැදගත් ආයතනයක්...

හාට්මන්, මගේ බැංකුවෙ කොහොමද වැඩ කෙරෙන්නෙ කියලා මට කියල දෙන්න එපා. හරිද?

ඔයාල මටයි වැඩ කරන්නේ. මතකද?

දැන්, මම ආපහු හැරෙද්දි...

ඔය දෙන්නා ගිහින් තියෙන්න ඕන.

තරඟය හරිම උණුසුම්!


අංක 11, නරක චැඩ්, ප්‍රේක්ෂකාවාටයට යනවා...

අපි අංක එක දෙසට යමු.

හේයි, කම්මැලියෝ, මම තරඟයෙන් පැරදෙයි...

ඔයා කරන දේ ඉක්මන් නොකලොත්!

මට හිතාගන්න බෑ ඇයි අම්මා මට තමුසෙව, කාර්මික ප්‍රධානියා විදියට දුන්නෙ කියලා.

හරි! ඉවරයි!

ඔයාට පස්සෙ වන්දි ගෙවන්න වෙයි.

අංක 11, නරක චැඩ්, අන්තිමට ප්‍රේක්ෂකාවාටයෙන් එලියට එනවා.

එන්න, මිනිහෝ. එන්න. එන්න.

ක්‍රිස් සහ ක්ලච් දිගටම යනවා, නරක චැඩ්ට තරඟය අමාරු කරමින්.

ඉදිරිපස රෝද ගැලවී ගියා!

අංක 11, නරක චැඩ්, තරඟයෙන් ඉවත් වනවා.

හොඳ වැඩක්, මැට්ටෝ!

මෝඩයා, පිස්සා...

ගස්!

එයා එයාලගෙම ප්‍රශ්නයකයි ඉන්නේ.

එයාගෙ කට්ටිය එතන පිරිසිඳු කරනවා.

අන්න එයා ඉන්නවා. මගේ ප්‍රධාන ආර්යාව, මගේ තරුව.

ශබ්දය, වේගය... ඇක්ෂන්!

මැඩී!

මැඩී!

හේයි! ගොන් පැටියෝ!

මම උඹව මරන්න යන්නේ!

නවත්තන්න!

අතඇරපන්! අතඅරින්න!

ඔච්චර තද කරන්න එපා! අපි යමු!

හායි. ඔහ්, අයියෝ!

ඇයි ඔයා ඔයාගෙ සයිස් එකේ කෙනෙක් එක්ක හැප්පෙන්නෙ නැත්තේ? අහ්, කඳු නගින කෙල්ල.

වෙන එකෙක් එක්ක හැප්පියන්.

ඔහ්, බලන්න! කැප්ටන් කූල් එනවා!

තුන්වෙනි මෝඩයා.

බලන්න, මම ගෙදර බාබකියු කෑමක් ගන්නවා, ඔයාලත් එනවනම් එන්න.

අනිවා. අනිවා.

හේයි, මම දන්නෑ ඔයාල දන්නවද...

නරක චැඩ් ඔයාගෙ අම්මගෙ බැංකුවෙ රස්සාවක් ගත්තා කියලා?

මම ෆෙරල් එක්ක ආරක්ෂක අංශයේ ඉන්නේ.

පොලිසියෙ නිලධාරියෙක් වෙන්න එක පියවරයි අඩු.

ගනන් ගන්න එපා. ෆෙරල් නරක චැඩ්ට ආයුධයක් ගන්න දෙන්නෙ නෑ. එයා පිස්සෙක්!

නවකයෙක්, මැට්ටෝ!

සමාවෙන්න. එයා මැට්ටෙක් වෙන්න පුරුදු වෙනවා. හොඳ රස්සාවක් කරන ගමන්ම!

මම උඹේ මොළේ එලියට ගන්නවා! මෙහෙ එනවා! මම අම්මට කියනවා!

උඹ දැනටමත් මැරිලා!

මම ඔහේව අල්ලගත්තාම, මම උඹව නිල් වෙන්න ගහනවා... හරිම ලාබාලයි!

ආ නැද්ද?

හරි, යාළුවනේ, තුන්වෙනි තරඟය මිනිත්තු 5න් පටන් ගන්නවා.

ඉතින් අපි ඒකට සතුටෙන් ලෑස්ති වෙමු!

මේ තරඟ කරන වෙලාවයි!

මොකද?

හායි, තාත්තා. හේයි, පොඩ්ඩෝ. මොකද්ද අවුල?

අම්මට ආයෙත් මැක්ස්ව, ඩේ-කෙයා එකෙන් ගන්න මාව ඕන.

හැමදාටම ඔහොම වෙන්නෙ නෑ, පැටියෝ.

හරි හරි, ඔයත් දැන් අම්මගෙ පැත්තේ.

ඒකද අවුල?

ඔයා හොඳින්ද?

මේකද ළමයි සෙල්ලම් කරන අලුත් විදිය?

තාත්තේ, කෑගහන්න එපා. මම කවද්ද කෑගැහුවේ, මැඩලයින්?

මෙහෙ ගොඩක් තරඟ තියෙනවා...

අඩි 100කින් විතර පහලට වැටෙන්නෙ නැතිව කරන්න පුළුවන්.

තාත්තේ, ඔයා කිව්වා නේද එවරස්ට් කන්ද උඩ හිටිය දවස තමයි ඔයාගෙ ජීවිතේ හොඳම දවස කියලා?

නෑ, මම කිව්වේ ඒක මගේ හොඳම දවස් වලින් එකක් කියලා.

බලන්න.

දැක්කද, මම දාගෙන හිටියෙ ඔයා දුන්න තොප්පිය.

මට තේරෙන්නෙ නෑ මම ඔයා වගේ වෙන්න යන එකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා?.

අපි මේ ගැන හැමදාම වාද කරන්න ඕනද?

මට අවුරුදු 18 වෙනකම්.

හොඳයි, යාළුවනේ, ඔන්න අපි ආවා.

අද දවසේ අන්තිම තරඟය!

පදවන්නනි, තමන්ගෙ තැන්වලට යන්න.

හේයි, මිස්ටර් පී, මට ඔයාගෙන් වැදගත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?

ඔයාට වැදගත් උත්තරයක් ඕනනම් විතරයි.

කෙල්ලො කැමති තමන්ගෙ අත්වලින්ම එක එක දේවල් හදන අයටද?

නැත්තම් කම්පියුටර් ගේම් ගහනවා වගේ දේවල් කරන පිස්සන්ටද?

යෝ, එයා ඇහුවේ...

කෙල්ලො වැඩියෙන් කැමති මොලේ අඩු අයටද? විදුලි ප්ලග් වගේ දේවල් ගැන හොයන...

නැත්තම් එයාල කැමති නියම කලාකරුවෙක්ටද...

සංවේදි බවයි මොළයයි හොඳටම තියෙන?

ඒක මාර අමාරු ප්‍රශ්නයක්, කොල්ලනේ...

ඒත් මම සැක කරන්නේ ඕක මගෙන් නෙමෙයි අහන්න ඕන.

හේයි, මැඩලයින් රෝස්... නෑ, නෑ, නෑ, නෑ, නෑ!

තාත්තේ, මට එහෙම කතාකරන්න එපා.

ඔයාල මොකද කරන්නේ?

මුකුත් නෑ. මුකුත් නෑ. මුකුත් නෑ.

ඕක පරණ කඳු නගින්නෙක්ගේ උපක්‍රමයක්.

මචෝ, උඹට කැලැලක් තියෙයි. ඇයි උඹ ඔය වගේ දේවල්ම කරගන්නෙ?

ඒක ඇත්ත. කෙල්ලො කැලැල් වලට ආසයි. මේක මැඩීගෙ අම්මවත් පිස්සු වැට්ටුවා. මේ බලන්න.

ඒක ගොරෝසුයි!

ඔයාලට ඕනනම් ඒක අල්ලන්න. මේක ඔයාව වැටුන වෙලේද වුනේ?

යෙප්. අඩි 100 කින් කෙලින්ම පහලට.

හරි, හරි. හරි. අල්ලන එක නවත්තන්න.

නරකයි ආ.

හේයි, අමුත්තෝ.

ඔයා නම් නෑ.

දැන්, මේක... පෝශ්‍යදායි රෑ කෑමක් නේ. අනේ.

අනේ මට ඉන්න දෙන්න.

අපිට ඔයාව ගොඩක් මතක් වෙනවා.

ගොඩක්ම මැඩීට.

මම මධ්‍යම රාත්‍රියට නැගිටින්න එලාම් තිබ්බ නැති නිසා...

මට මගේ බිරිඳත් එක්ක ඩේට් එකක් ගතකරන්න පුලුවන්.

ඔයා නටන්න කැමතිද?

මට ආයෙත් වැඩට යන්න ඕන. මට බෑ... මම ඇත්තටම... ඔයා මුළින්ම මේක කරන්න ඕන, හරිද?

ටොම්, අනේ. ඕක නවත්තන්න. මට ඔයාව දරාගන්න අමාරුයි.

මට බෑ...

ටොම්? මොකද්ද වෙන්න යන්නෙ?

මට මගේ කකුල් තේරෙන්නෙ නෑ.

මොකක්... කොතනද රිදෙන්නේ?

ටොම්? ඔයාට මාව ඇහෙනවද?

ටොම්? ටොම්!

මේක මෙයා කඳු නැගලා වැටුන එකේ ප්‍රතිපලයක්.

ඔයාලට කරන්න පුළුවන් මොනවම හරි දෙයක් ඇතිනේ.

මම කිව්වේ, කිසිම හදිසි සැත්කමක්වත් නැද්ද?

මෙහෙ අපිට කරන්න පුළුවන් කිසි දෙයක් නෑ.

ඩෙන්මාර්ක් වල නම් ඔය ආබාධය පරික්ෂා කරපු පෞද්ගලික බෙහෙත් ශාලාවක් තියෙනවා.

හරි, අපි එහෙ යන්නම්, ඉතිං.

ඒක හිතල බලලා කරන්න ඕන එකක්.

ඒ වගේම ඒක හොඳටම හොඳ වෙන්නත්... අපි ඕන දෙයක් කරන්නම්.

ඔයාලගෙ රක්ෂණය ඒක කරන එකක් නෑ.

කීයක්ද? මොකද්ද?

සැත්කමේ ගාණ කීයද? අපි ඒක ගෙවන්නම්.

ඩොලර් 250,000.

හරි, අපි-අපි ඒක ගෙවන්නම්. අම්මේ, කියන්න...

අම්මේ, එයාට කියන්න අපි ඒක ගෙවනවා කියලා.

අම්මේ, අපිට... අපිට පුලුවන්... අපිට ඒක ගෙවන්න පුළුවන්.

අම්මේ, එයාට කියන්න අපි ඒක ගෙවනවා කියලා. අනේ.

ඩොලර් 250,000?

ඒ ඔපරේෂන් එක කලේ නැත්තම් ඔයාගෙ තාත්තට මොකද වෙන්නේ?

අපි ගෙයින් ගෙට යන්නම්.

හැමෝම ඔයාගෙ තාත්තට ආදරෙයි. එයාල අපිට සල්ලි දෙයි.

මම මගේ කැමරාව විකුණන්නම්.

ඒක ඩොලර් 250,000, තේරුණාද.

දන්නවනේ ඒක කොච්චර ලොකු ගාණක්ද කියලා?

මට කාසි එකතුවක් තියෙනවා.

ඒවා දුර්ලභ ඒවා.

හොඳයි, මොකද වෙන්නෙ මම... මොකද වෙන්නෙ මම බාගයක් ණයට ගත්තොත්?

ඊට පස්සෙ මට පුළුවන්...

නෑ, ඒක ඊට වැඩිවෙන්නෙ නෑ.

පෞද්ගලික අමතර දෙයක්?

අහ්, අපිට ගෝ-කාට් පථයක් තියෙනවා.

අපි ගාන පොඩ්ඩක් අඩු කරගමුද, පිලිප්ස් මහත්මිය?

ඔයා එච්චර ලොකු පෞද්ගලික ණයක් ගන්න තරම් සුදුසුකම් ලබල නෑ.

මට තේරෙනවා, ඒත්, අහ්, මගේ මහත්තයා අසනීපෙන් නිසා මම හිතුවා...

ඔව්. ඔව්, මම ඒ ගැන දැනුවත්, පිලිප්ස් මහත්මිය.

මම බැංකුවටයි වැඩ කරන්නෙ නිසාවත් මොකුත් කරගන්න බැරිද?

ඒත් ඔයා බැඳිලා නෑනේ, එහෙම නේ?

ආරක්ෂක ආයතනයකින්.

ඔයාගෙ මගපෙන්වීමෙන් දිවෙන, ආරක්ෂක ආයතනයක්...

අසමත් වෙලා තියෙනවා, සම්පූර්ණ ක්‍රියාකාරී...

ආරක්ෂක පද්ධතියක් මගේ බැංකුවට නියමිත වෙලාවට ලබාදෙන්න...

ගිවිසුමට අනුව.

එන්න.

එන්න, පැටියෝ.

තමුසෙට හදවතක් නැද්ද?

මේක කලබලවෙන්න ඕන දෙයක් නෙමෙයි, පිලිප්ස් මහත්මිය.

බැංකුවකට හදවතක් නෑ.

කොළ තමයි අන්තරගතය (ගර්භය).

හෙලවෙන්න බැරි එක මහා අමුත්තක්.

මම පැය තුනක් තිස්සෙ සිවිලිමේ එකම තැන දිහා බලාගෙනයි ඉන්නේ.

අම්මට ඒ ගාණ හොයාගන්න අමාරුයි, තාත්තේ.

මම එදා කඳු නැගලත් මරණයෙන් ගැලවුනා, මැඩී.

මුදුනෙ ඉඳල අඩි විස්සෙදි, මගේ ආම්පන්නය හිරවුනා...

ඒත් එතන උඩට යනකන්ම පැල්මක් තිබුනා.

ඔයා ඒකෙ නිදහසේ නැග්ගා?

ඒක හරිම ලේසී, ඒත් මට මගේ හිත එකඟ කරගන්න බැරිවෙලා වැටුනා.

ඒත් කවුරුහරි නැත්තම් මොකක් හරි මට ඇහැ ගහගෙන හිටියා, ඉතිං මට ආයෙත් ගෙදර එන්න පුළුවන් වුනා...

ඔයාව බලන්න, ඔයා මොන වගේ උදාර ගෑනු ළමයෙක්ද කියලා දැනගන්න.

එක අතකට, ඒ වැටුණ එක තමයි මට වෙන්න තිබුන හොඳම දේ.

ඔයා දන්නවනේ මම ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා.

තාත්තේ, අපි සල්ලි හොයාගන්නම්. මම පොරොන්දු වෙනවා.

ඒ වගේම ඒක Lion Safe ආයතනයෙන් තැනූ අඩි 200ක් උස ලෝහ කුටියකින්...

වටෙවෙලයි තියෙන්නේ.

ඒ වගේම එය නවීනතම තාක්ෂණයෙන් යුක්තයි...

වගේම පැරණි ආරක්ෂක ක්‍රම වලින්ද යුක්තයි...

හාඩර්බච් මුදල් කටයුතු පිළිබඳ බැංකුව, බැංකුවකට තිබිය යුතු උපරිම ආරක්ෂිතම ක්‍රම ලබාදෙමින්.

ඇතුලත පද්ධතිය කියාකරන්නේ තුන් මෝටර ජෙනරේටරයකින්...

බලය නැතිවීම යනු හුදෙක්ම මනක්කල්පිත දෙයක් බවට පත්කරමින්...

සහ එය මුළු නගරයම පිස්සු වට්ටන තරමේ ආරක්ෂිත බැංකුවක් වෙමින්.

ව්‍යාපෘතිය ඇරඹුනේ 2000 වසරේ බිඳ වැටීමත් සමගමයි...

ඒ වගේම ලොකුම, උතුරු ඇමරිකාවේ ඇති හොඳම ආරක්ෂාව සහිත බැංකුව වේ.

මෙම ශාලාවන් සෙලවීමට සංවේදි කැමරා 100කින් සමන්විතයි...

හසුවන ඕනෑම අයෙකුගේ රූපය ආරක්ෂක කුටියට යැවෙන පරිදි.

පද්ධතිය සම්පූර්ණයෙන් පරික්ෂා කර බැලෙන තෙක්...

එම ශාලාවන්හි පුහුණු කරන ලද දඩයම් බල්ලන් රැගෙන යනවා.

මේ සියල්ල Lion Safe ආයතනයේ ක්‍රියාවන්ය.

ආරක්ෂිත සේප්පුව පොලොවේ සිට අඩි 100ක උසින් එල්ලා ඇති අතර...

එය ඝන රත්තරන් හා ඩොලර් මිලියන 25ක් දරාගැනීමට සූදානම්ය.

එම සේප්පුව ඇති කාමරයේ බිත්ති යනු ඉතුරුම් ගිණුම් පෙට්ටි වේ.

2004 අප්‍රේල් මස වන විට වැඩ නිමවී... ඔයාට පිස්සුද?

අපිට බැංකුවක් කොල්ල කන්න බෑ.

අපි එයාලට ආපහු ගෙවමු.

කොහොමද? මම දන්නෑ. මම වැඩ කරන්නම්.

මම ඕන දෙයක් කරන්නම්.

අපිව මාට්ටු වුනොත් වෙන දේ දන්නවනේ? අපි සදහටම හිරේ තමයි.

අපිට වයස 21 වෙනකම්.

කිසි කෙනෙක් අපිව සැක කරන එකක් නෑ.

ලොකු අය අපිව සලකන්නෙ අවුරුදු පහේ පොඩි අය වගේ. ඉතිං එහෙම වෙන්නෙ කොහොමද?

මම හෙට අම්මත් එක්ක බැංකුවට වැඩකරන්න ගිහින් එතන පරික්ෂා කරන්නම්.

ඒ අතරේ, ගස්, ඔයා දැනගන්න ඕන කවුද බැංකුවෙ ගෘහ නිර්මාණ ශිල්පියා කියලා...

ඊට පස්සෙ බැංකුවෙ ආකෘතියක් හරි ගෙබිම් සැලැස්මක් හරි ගන්න ඕන.

එතකොට ඔස්ටින්... ඔස්ටින් බල්ලො ගැන බලාගනී.

මොන බල්ලොද? රොට්වයලර්ලා.

නපුරුම දඩයම් බල්ලෝ.

ගස්, අනේ. මේක සිරා වැඩක්.

හෙට, බැංකුවෙදි, මම අම්මගෙ ආරක්ෂක පද්ධතිය ගැන හොයල බලන්න උත්සහ කරන්නම්.

සුභ උදෑසනක්. අද කවුද ඔයා එක්ක වාහනයෙ ඉන්නේ? මගෙ දුව.

මම මට පුළුවන් තරම් ෆොටෝ ගන්නම්.

ඔයාලා, මම සිරාවටම ඔයාලව ඕන.

හරි හරි. මිස්ටර් පී වෙනුවෙන්.

ඔයාගෙ තාත්තා වෙනුවෙන්.

හරි, මැඩී, ඔන්න අපි ආවා.

මැඩී?


ඔයාට අදහසක් තියෙනවද අපි කොච්චර වේගෙකින් යනවද කියලා? ඒක ආරක්ෂාකරගන්න, මචෝ.

බලපත්‍රයයි ලියාපදිංචියයි.

ඒක... තමයි දේව ඇස, චැඩ්.

ඔයාට මේ මිනිසුසු පේනවද? ඒ මිනිස්සු නෙමෙයි.

මේ පාරාදිසයක ඉන්න සර්පයෝ, ඔයාගෙ දුර්වලම අවස්ථාව එනකම් ඉන්න...

ඔයා එයාලට අවස්ථාවක් දෙන ඕනම වෙලාවක.

මේ මිනිස්සු? විශ්වාස කරන්න බෑ.

ඔහ්! මගේ පැටව් ටික.

මැඩී, ඔයා මා එක්ක අද වැඩට ආව එකට මම කැමතියි, පැටියෝ...

ඒත් මට කරන්න වැඩ ගොඩක් තියෙනවා, ඉතිං මට ඔයාව තියල යන්න වෙනවා.

මට සේප්පුව බලන්න පුලුවන්ද? මෙහෙ තියෙන්නෙ පරණ ඒවා.

හරිම එක උඩ තට්ටුවේ. මේ මොනවද?

ඒක සෙලවීම් හඳුනාගන්න උපකරනයක්. මට අළුත් සේප්පුව දකින්න පුළුවන්ද?

අනික පිලිප්ස් මහත්මිය මට ඇහුන්කම් දුන්නනම්...

අපිට මේ අළුත්ම බොරු වැඩ ටික ඕන නෑ.

මේ බල්ලෝ...

මේ බල්ලො ඔක්කොම වැඩ කරලයි තියෙන්නේ.

මේ බල්ලොයි මගේ කළුපටියයි, එච්චරයි.

ආපහු තිර වලට, පණුවෝ!

ඔයාගේ ඔෆිස් එක උඩ තට්ටුවෙද?

ඔව්. ඔව් මට සේප්පුව ළඟ ඕන වුනා.

මේක නිකම් පණ තියෙන එකක් වගේ.

මම සෙලවීම් හඳුනාගන්න උපකරනයක් හැදුවා...

මොකද ආරක්ෂකයන්ට එකම වතාවේ තිර 100ක් දිහා බලන්න බෑනේ...

එතකොට කැමරාව සෙලවීමක් ලැබුනාම ක්‍රියාත්මක වෙලා, දර්ශනය ආරක්ෂකයන්ට ලැබෙනවා.

බලන්න. එකම විදියට ඉන්න.

කඳුනගින කෙල්ල.

ඒක මරු.

මොලී?

මම හිතුවෙ නෑ ඔයා අද එයි කියලා.

පාටිය සිකුරාදා, ඉතිං මට මේ පද්ධතිය වැඩ කරනවද බලන්න ඕන වුනා.

හරි. අහන්න, මම බ්‍රිස්බේන් එක්ක ණය ගැන කතාකලා, එයා පොඩ්ඩක්වත් ඉඩ දෙන්නෙ නෑ.

මට ඇත්තටම කණගාටුයි. ඔහ්, දෙයියනේ. අපිට වෙන මාර්ගයක් හොයාගන්න වෙයි.

ඔයා පොඩි වටයක් ගහන්න කැමතිද? ඔහ්, ඇලන්, ඒක ඇත්තටම...

ඔව්! ඒක හරිම ෂෝක් වෙයි. එහෙන්ම, හොඳයි.

අපි මෙහෙන් පටන්ගමු. ගනන් ගන්න එපා. මම එයාව බලාගන්නම්.

දැන්, අපි පටන් ගන්න යන්නේ...

මම දුරකථන බිල ගෙව්වා! මම දුරකථන බිල ගිය සතියෙ ගෙව්වා!

හායි. මගෙ නම ඔස්ට්...

කලබල වෙන්න එපා.

මගෙ නම ඔස්ටින්, මම චිත්‍රපටි හදනවා. අධ්‍යක්ෂකවරයෙක්.

ඇත්තට? මම කොහොමද ඔයාට උදව් කරන්න ඕන?

මට බල්ලෙක් හමුවුනා මගේ උපන් දිනයට, ඉතිං මම හිතන්නේ මට එයාව අමාරු බල්ලෙක් විදියට තියාගන්න වෙයි වගේ...

ඔයාට ඉන්නෙ මොන වර්ගෙ බල්ලෙක්ද?

බඩ්වේසර් කෙනෙක්? රොට්වයලර්?

අන්න හරි. මම රොට්වයලර් විශේෂඥයෙක් වෙන්න වුනා.

මෙතන හරිම ෂෝක් වූටි කොල්ලෙක් ඉන්නවා...

හාඩර්බච් මුදල් කටයුතු පිළිබඳ බැංකුවේ නිමාව ගැන රචනාවක් ලියන්න හදන...

ඉතිං එයාට බැංකුවේ බිම් සැලැස්මක් ඕන...

එයාගෙ රචනාවට රූප සටහනක් විදියට.

තමුසෙට පිස්සුද ඕයි?

ඔයාට බැංකුවේ බිම් සැලැස්ම පොඩි කොල්ලෙක්ට දෙන්න බෑ! ඔයා තනිකරම...

සාමාන්‍යෙයන් එයා හරිම ප්‍රියමනාපයි.

ඒත් බැංකු එක්ක වැඩ වලදිනම් ටිකක් වෙනස්.

මම කිව්වේ, ඔයා බැංකු හොරෙක් කියලා හිතන්නකෝ...

මට ගියපාර රචනාවට "C" එකක් ලැබුනේ...

මොකද මගෙ රචනාවෙ රූප සටහන් තිබුනෙ නැති නිසා.

අනික මගෙ බාප්පා, එයා... හරි, එයා ටිකක්...

ඔහ්!

මෙතනම ඉන්න.

ඔයාට ඒක දැන්ම බලන්න බෑ, ඒත් අපි හිතනවා පාටියෙදි ඒක කලඑලි දැක්වෙයි කියලා.

අරහෙන් තියෙන්නෙ ආරක්ෂක කුටිය... උපරිම ඉහල තාක්ෂණයෙන්.

ඒකත් ඔයාගෙ අම්මගෙ වැඩක්.

යතුරු පුවරු සැලකිල්ලට ගන්න, ඒවා තියෙන්නෙ මින්ස්සුන්ව බැංකුවෙ වැදගත් තැන්වලින් අයින් කරලා තියන්න.

කා ගාවද මේවෙ කෝඩ් තියෙන්නේ?

ඔහ්, ඒවා කාමරයෙන් කාමරයට වෙනස්.

ඒත් මා ගාව මුළු ගොඩනැගිල්ලටම ගැලපෙන කෝඩ් එකක් තියෙනවා. මරුනේ.

එන්න.

"D-E-N-I-R-O."

De Niro.

ඔහ්, මේක බලන්න.

මේක තමයි මේ බිල්ඩිමේ තියෙන හොඳම ඔෆිස් කාමරය.

මේක අයිති වෙන්නෙ ලොක්කට, බ්‍රිස්බේන් මහත්තයට.

මේක බලන්නකෝ.

ඊට පස්සෙ මේක.

ඔයාගෙ අම්මා තමයි මේක හදන්න කිව්වෙ. මේකෙන් ඔයාට ඔක්කොම කැමරා පාලනය කරන්න පුළුවන්.

ඔයා මටද කතා කරන්නේ?

ඔයා මටද කතා කරන්නේ?

ඒක තමයි De Niro කියන්නේ.

මම තාමත් පොඩි රඟපෑමක් කරනවා. මේ බැංකු මැනේජර් කියන්නෙ තාවකාලික දෙයක්.

එන්න. ඔයත් උත්සාහ කරන්න.

මම දන්නෙ නෑ මොනවද කියන්න ඕන කියලා.

මොනවම හරි කියන්න.

හායි. අප්පිරියයි.

මරු!

මේ කාමරයෙ උමගක් තියෙනවා සේප්පුවට යන්න පුලුවන්.

මට සේප්පුව ගැන ඔයාට පොඩ්ඩයි කියන්න පුළුවන්.

ඔයාගෙ අම්මට විතරයි මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. මොකද ඉතිං, එයානෙ මේවා හැදුවේ.

ඔහ්! නෑ! මගෙ දෙයියනේ!

මට, මේවායෙන් අපි අයින් වෙලා යනකම් ඉන්න බෑ. හැමවෙලේම ඔහොමමයි.

පාත්වෙනවා! ෂ්...!

රොට්වයලර්ලා ජර්මන් විධාන වලට විතරයි කීකරු!

ඔස්ෆාට්, මාරයෝ. ඔස්ෆාට්!

"ඔස්ෆාට්, මාරයෝ," කියලා කියන්න. ඒක කරන්න, නැත්තම් එයා ඔයාගෙ බෙල්ල ඉරලා දායි!

ඈස්ෆාට්! ඔස්ෆාට්!

ඔයා එයාට සැලකිල්ල පෙන්නන්න ඕන!

අවුච්ෆාට්!

වැරදි උත්තරයක්.

ඈස්ෆාට්! ඈස්ෆාට්!

නෑ! දුවපියෝ! ඈස්ෆාට්!

මෙහෙන් යනවා යන්න, ළමයෝ, මම මෙයාව අතඅරින්න කලින්!

කිසි සැලකිල්ලක් නෑ!

එන්න!


ඔයා මේක ගත්තෙ කොහෙන්ද කියලා කාටවත් කියන්න එපා.

මම කිසිදවසක කියන්නෙ නෑ. ස්තූතියි.


මම ආපහු වැඩට ගියෙ නැත්තම් එයාල මාව හොයන්න සෙවීම් කණ්ඩායමක් එවයි.

ඔයාට ඔයාගෙ අම්මගෙ ඔෆිස් එකට පාර හොයාගන්න පුළුවන්ද? ඔව්. ස්තූතියි, මිස්ටර් හාට්මන්.

හරි. බායි. අපි ඔයාව හෙට හමුවෙන්නම්.

මිස්ටර් හාට්මන්?

මම හිතන්නෙ ඔයා හොඳ නළුවෙක්.

ස්තූතියි.

පාටියට තව දවස් දෙකයි. එදාට තමයි අපි බැංකුවට කෙලින්නේ.

ඔස්ටින්, බල්ලො එක්ක වැඩේ කොහොමද? උන්ට කිසි පාලනයක් නෑ.

ගස්, ආකෘතිය නම් මාරයි වගේ.

කේක් කෑල්ලක් වගේ. මම හිතන්නෙ ලේකම්තුමිය මම හොඳයි කියලා පිලිගත්තා.

ඔයාල හිතනවද අපිට මේක කරන්න පුලුවන් කියලා? ඔයාල සිරාවටම හිතනවද අපිට සල්ලි ගන්න පුලුවන් කියලා?

ඔයාට පිස්සුද? ඔව් පුළුවන්. අනිවා. ඔව් පුළුවන්.

මම කිව්වේ, ඔයානෙ මේ පැත්තෙ ඉන්න හොඳම කඳු නගින කෙනා.

ඔව්, එතකොට ඔස්ටින් නිකම්, විකාර පරිගනක වැඩ්ඩෙක් වගේ.

ඔව්, එතකොට ගස් නම්...

එතකොට ගස් නම් මාර අප්පිරියයි.

ඔස්ටින්, මේක බැංකුවෙ ගේට්ටුවෙ උසට සමානයි.

පරිස්සමින්, හරිද?

හරි, ඔස්ටින්, ඔයාගෙ වාරේ.

කාට් එක නෙමෙයි ඔයාව පාලනය කරන්නේ...

ඔයයි කාට් එක පාලනය කරන්නේ.

යන්න. එළ එළ!

වෝ... ඒයි! එපා! එපෝ!

ඔයා ලඟ මේවා තවත් වේගවත් කරන්නයි, මේවා තවත් සද්දෙ අඩුවෙන් යන්නයි හදන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?

ඔයාට ජනේලෙ ළඟද ඕන, නැත්තම් මැදින්ද?

පිරිසිඳු NOS, P.S.I සීයයි.

හරි, ඔයාගෙ තාත්තා වෙනුවෙන්.

ඒක වැඩ කලා! මම වැඩ්ඩෙක් ආ!

ඒත් මේක නවත්තගන්නෙ කොහොමද? සමහරවිට මම වැඩ්ඩෙක් නෙමෙයි වෙන්න ඇති!

මිස්ටර් හාට්මන් ඇත්තටම හොඳ මනුස්සයෙක්.

ඔයා ගාව පිටපත තියෙනවද? මමයි අධ්‍යක්ෂක. මම හැමවෙලේම සූදානම්.

"මම හැමවෙලේම සූදානම්."

ඔස්ටින්, ඔයා එයා ලවා කියව ගන්න ඕන, එලාම්...

නවත්තන්න කියලා. මම දන්නවා, මම දන්නවා.

එන්න. ඉක්මනට. මම එනෝ!

පොඩ්ඩක් ඉන්නෝ!

ගනන් ගන්න එපා. ගනන් ගන්න එපා! ගනන් ගන්න එපා.

ඔක්කොම හරි, මෙහාට.

මැඩී කරන්නේ ගෙදර තනියම ඉන්න, කළුවරට බය කෙල්ලගෙ චරිතය.

ඔයා එයාගෙ තාත්තාගෙ චරිතයයි කරන්නේ, එයා ඇවිදිද්දි එලාම් එක වදිනවා.

මො-මො-මොකද්ද මගේ රස්සාව?

ඔයා ඒක ඇහුවට සතුටුයි.

ඔයා වැඩ කරන්නෙ C.I.A. එකේ විශේෂ ශාඛාව.

මම ඒකට ආසයි. මට හැමවෙලේම මිනීමරුවෙක්ගෙ චරිතයක් කරන්න ඕන වුනා.

හොදයි, මෙන්න ඔයාගෙ අවස්ථාව.

ඔයා C.I.A. වල මිනීමරුවෙක්.

කරුණාකරලා මට වතුර ටිකක් ගන්න පුළුවන්ද?

මට ඔයා එක්ක තත්පරයකට කතා කරන්න පුළුවන්ද? මෙහාට.

අම්, හරි.

වැඩියෙන්ම හොඳ‍...

කොණ්ඩෙ එක්කද... නැත්තම් කොන්ඩෙ නැතුවද?

මම හිතන්නෙ කොණ්ඩෙ එක්ක. හොඳයි.

ඔක්කොම ලෑස්තියි

හරි, ඔන්න පළවෙනි සීන් එක, එකපාරින්ම ගමු.

ශබ්දය, වේගය සහ...

ඇක්ශන්.

තාත්තේ, ඒ ඔයාද? හේයි, ගන්න ගන්න එපා. මේ මමනේ.

ඔයා අද ඇත්තටම හොඳයි, ඔස්ටින්. සිරාවටම. ගොඩාක් හොඳයි.

මම උත්සාහ කරන්නේ මගේ නළුවොත් එක්ක මැජික් එකකින් වගේ ඕන වැඩේ...

ගස්, ඔයා ඔය මොකද්ද කරන්නේ? අපිට ප්ලෑන් එකට වැඩ කරන්න ඕන.

එහෙනම් ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ප්ලෑන් එකට වැඩ කරගන්න.

ඔයා මොකක් ගැනද කියවන්නේ? එයා මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නෙමෙයි.

ඔහ්, එහෙනම් ඔයා ගස් එක්කම යාගන්න. මම කිසි දවසක කිව්වෙ නෑ...

හැම කොල්ලම මේවගේ මෝඩද?* මම ඔය එක්කෙනෙක් එක්කවත් යන්නෙ නෑ! (*ඇත්තටම මම නම් මේක පිළිගන්නෙ නෑ!)

අපි එච්චරටම මෝඩනම්, ඇයි ඔයා තනියම බැංකුව මංකොල්ලකන්නෙ නැත්තේ?

හොඳයි! මම එහෙම කරන්නම්! ඔයාගෙ ගෝ-කාට් වැඩේ සාර්ථක වේවා!.

ඔව්, අනික ඔයාට බැංකුවෙ කම්පියුටරය හැක් කරගන්නත් පුළුවන් වේවා!

ඔය බැංකුව ගැන අදහස මහ විකාරයක්!

තාත්තේ, මට ඔයා එක්ක කථා කරන්න ඕන.

මම අම්මගෙ බැංකුවෙන් ඩොලර් 250,000 ක් හොරකම් කරන්නයි යන්නේ.

මට සේප්පුවට ලඟාවෙන්න නම් අඩි සීයක් උඩට නගින්න වෙනවා.

ඒක මම මේවෙනකම් නැගල තියෙම ලොකුම උසටත් වඩා උසයි.

ඒ වගේම මට මගේ හොඳම යාළුවන්ට බොරු කියන්න වෙනවා, එයාලව මේකට සම්බන්ධ කරගන්න නම්.

හොඳයි, මැඩී...

අඩි 100ක් හරිම අනතුරුදායකයි.

දන්නවනේ, ඒක තමයි මම වැටුන උසත්.

ඔව්, මම දන්නවා තාත්තේ.

අනික, සල්ලි හොරකම් කරන එක නීති විරෝධියි.

ඔයා දන්නවනේ, මේ ගැන කවුරුහරි දැනගත්තොත් අම්මව රස්සාවෙන් අස්කරයි.

මම ඒ හැම දේ ගැනම හිතුවා, ඒත්...

ඒත් ඒකෙන් ඔයාට සනීප වෙයි නම්, මොකද්ද ඒකෙ තියෙන වැරැද්ද?

ඔව්, මැඩී...

අනිවාර්ය‍යෙන්ම එහෙම වෙයි.

මම මේ ගැන ඊයෙ ඉඳන් හිතුවා, ඒ තමයි...

මම ඔයාට ආදරෙයි!

මෙන්න. මේකෙ අනිත් කෑල්ල මම ගාව තියෙනවා.

ඒක ආයෙත් කියන්න. නවත්තන්න. අනේ.

මට මේ මෙහෙයුමට උදව් කරන්න පොරොන්දු වෙනවද?

අනිවා.

ඒත් මේ ගැන ගස්ට දැනගන්න තියන්න එපා, මොකද අපිට එයාව ඕන, එයා මේ ගැන දැනගත්තොත් එනඑකක් නෑ.

මෑන්ට පාළු හිතෙයි.

ඔස්ටින් ගැන මොකද? ඔයා එයාට වඩා ලස්සනයි.

මම ඇත්තටම මුල ඉඳලම, ඔයාටයි කැමැත්තෙන් හිටියේ.

හරී! මම ඒක දැනගෙන හිටියෝ!

මෙන්න.

මා ගාව මේකෙ අනිත් කෑල්ල තියෙනවා.

මට මේ මෙහෙයුමට උදව් කරන්න පොරොන්දු වෙනවද?

හරි. එළ.

හරි, කට්ටිය, අපි අන්තිම වතාවට ප්ලෑන් එක බලමු.

ඉතිං, මම මැඩී බැංකුවෙන් ගත්ත රූප ගත්තා, ඒවගේම ගස් ගෙදර ගෙනාව ආකෘතියත්...

මම ඒවා කම්පියුටර් එකට ස්කෑන් කලා.

ඒවා උදව්වෙන්, මම ගොඩනැගිල්ලෙ සැලැස්මෙ පිටපතක් හැදුවා.

ඒක බලන්න.

එළද?

වාව්! ඒක පට්ටනේ!

මම කිව්වේ, ඒක හොඳයි...

ඔයත් මේකට කැමතියි නම්.

වාව්.

මෙන්න මෙතන තමයි පාටිය තියෙන්න යන්නේ.

ඒක අනිවාර්යයෙන්ම බැංකුවෙ ප්‍රධාන ශාලාවෙදි වෙන්න ඕන.

ඒක හරිම ෂෝක් එකක් වෙයි, ඒ අතරෙ අපි මෙහෙයුමට යන්න ඕන.

ආරක්ෂක කුටිය දෙවෙනි තට්ටුවේ, ඉතිං අපි සේප්පුව තියෙන නමවෙනි තට්ටුවට යන්න නම්...

සෝපානයට යන්න ඕන. ඒකට අපි ඔයාගෙ අයියවයි ෆෙරල් මහත්තයවයි පහුකරන් යන්න ඕන.

හරි, එතකොට ඔස්ටින්, ඔයා බ්‍රිස්බේන්ගෙ ඔෆිස් කාමරයට ගිහිල්ලා කැමරා පද්ධතිය හැක් කරන්න ඕන.

ගස්, අපි දෙන්නා සේප්පුව තියෙන තැනට යන්න ඕන.

ආරක්ෂිත සේප්පුව පොලොවේ ඉඳන් අඩි 100ක උසින් එල්ලලා තියෙන්නේ...

ඉතින් එතනට යන්න වෙන්නෙ උඩට නැගලා තමයි.

වාව්.

මැඩී, ඔයාට විශ්වාසද ඔයාට එච්චර උස නගින්න පුළුවන් කියලා?

මම කිව්වේ, ඒක වතුර ටැංකිය වගේ දෙගුණයක් උසයි.

ඔයාල ඔයාලගෙ වැඩ ගැන බලාගන්න. මම මගේ වැඩ ගැන බලාගන්නම්.

අද ඔයාගෙ තාත්තගෙ පරීක්ෂන ගොඩක් ඉස්පිරිතාලෙදි කරන්නයි යන්නේ...

ඉතිං මම එතන ඉන්න ඕන.

ඒ අතරෙ ඔයා මැක්ස් ව බලාගන්න ඕන.

අම්මේ, මට බෑ. මම ඔස්ටින්, ගස් දෙන්නා එක්ක එලියට යනවා.

ඔයා කිසිවෙලාවක මම ගැන හිතන්නෙ නෑ. ඔයා ඉස්පිරිතාලෙට එන්නෙත් නැත්තම්, එහෙනම් ඔයා...

අම්මේ, මට බෑ, මම... මැඩී.

ඔයා අද රෑට මැක්ස් ව බලාගන්න ඕනමයි. තේරුනාද?

එච්චරයි.

ඔහ්, තව දෙයක්.

මම ඔයා ගැනයි හිතන්නෙ, මැඩලයින්.

හැමදාම. හැමවෙලේම.

ලස්සන කර ලේන්සුවක්.

ලස්සන පෝලෝ කොලර් එකක්.

එයා මොකද මෙහෙ කරන්නේ? මට එයාව බලාගන්න වෙලා.

ඒත් එයා අපි කරන්න හදන ඔක්කොම අවුල් කරලා දායි!

එයා කිසි දවසක සද්දකරලා නෑ. ඉතිං මම හිතන්නෙ නෑ එයා දැන් ඒක පටන් ගනීවි කියලා.

අපි වැඩේ අවුල් කරගත්තොත් මොකද වෙන්නේ?

මගේ තාත්තගෙ එකම අවස්ථාව අපි විතරයි.

මම ලෑස්තියි.

ඔයා ලෑස්තිද? අපි වැඩේ දෙමු.

ඔහ්! ඊයා!

අම්මේ, බාට් එයාගෙ පස්ස පැත්තෙ ෆොටෝ එකක් ගන්න හැදුවා!

මම ඇත්තටම මගෙ පස්ස පැත්තෙ ෆොටෝ එකක් ගන්න හැදුවා. ඔය දෙන්නම ඕක නවත්තගන්න.

අද රෑට අපි හතර දෙමාම කෑම කන්න යන්නේ...

Rusty Barnacle කඩෙන්. එලෝ!

බර්ගර් එකක් ගන්න... අපි හතර දෙනා විතරද? කවුද පැනගත්තේ?


ඔයා දන්නවනේ මේ කොටස? මම ඇත්තටම, ඒවා ගැන ආඩම්බරයි.

ඒවා සුපිරියි නේද? එන්න මම ඔයාට පෙන්නන්නම්.


ඔක්කොම පැහැදිලියි.

ඔන්න ඔයා යන්න, මැඩී.

හරි, මම උඩට ගියාට පස්සෙ...

මම සෙලවීම් හඳුනගන්න උපකරණ නවත්තන්න බලන්නම්, එතකොට ඔයාලට උඩට එන්න පුළුවන්.

පරිස්සමින් මැඩී.

මැඩී! කැමරාව!

පරිස්සමින්.

මම චැඩ්වයි ෆෙරල්වයි මේ කුටියෙන් එලියට ගන්න බලන්නම්.

ගනන් ගන්න එපා.

ආයෙත් ගහනවා, ආයෙත් ගහනවා, නයෙක් වගේ!

පළවෙනි පාඩම, චැඩ්.

කිසි වෙලාවක ඔයාගෙ අවධානය හතුරගෙන් එහාට ගන්න එපා.

මේකෙන් උත්සාහ කරල බලන්න.

අයියෝ, ඔයාගෙ කකුලෙ ගඳ නම්, ඒක නිකම්...

සාමානයයි.

දෙයියනේ, ගස්!

මගෙ දෙවියනේ.

ඇල්ලුවා.

ඒ මොකද්ද?

සෙලවීමක් හඳුනාගත්තා, උතුරු සෝපානයේ.

දර්ශන තිර පරික්ෂා කරන්න. දර්ශන තිර පරික්ෂා කරන්න!

මට මොකුතු පේන්නෙ නෑ.

ඔයාට එයාලව පේන්නෙ නැත්නම්, ඔයාගෙ හතුරො ගොඩාක් භයානක වෙනවා

මේක පරික්ෂාවක්. මම ඒක දන්නවා.

මම පහල තට්ටුවට යන්නම්, වටයක් ගහල එන්නම්.

ඔයා මෙතනම ඉන්න...

ඔයා ගැන බලාගන්න.

ඔයා මේ කුටියෙම ඉන්න!

හරි, ඒක වැඩකලා.

හොඳයි, දැන් නම්... ෆෙරල් ගියා. ඒත් දැන් නරක චැඩ් කුටි ඇතුලෙ තනියෙමයි ඉන්නේ.

ඔහොම ඉන්න. අපි මොකක් හරි හිතන්නම්.

මට දෙයක් හිතුනා.

මම එයාව පිස්සු වට්ටන්නම්.

මම සංඥාව දුන්නම, ඔයාල සෝපානයට යන්න. මම එතනදි ඔයාලව හම්බවෙන්නම.

හේයි, මැඩී, මොකද්ද සංඥාව?

මැඩී!

චැඩ් ගෙන් ඈත් වෙන්න! එයා කොහොමත් පිස්සෙක්!

මගේ අයියට පිස්සු. එයා හිතන්නෙ එයා පොලිස් නිලධාරියෙක් වගේ කියලා. මේක ප්ලෑන් එකේ කොටසක් නෙමෙයි.

මැඩී, ඕක ඇතුලට යන්න එපා!

හායි.

ඔයා මෙහෙ මොකද කරන්නේ?

මම පාටියෙයි හිටියේ. මට ඇත්තටම කම්මැලියි.

ඔයා මොකද කරන්නේ?

මගේ ජොබ කරනවා.

ඔයා හරිම වෙනස්.

අයි ඔයා ඔච්චරටම ඔයාගෙ මල්ලිට වද දෙන්නේ? හොඳයි...

ඔයා දන්නවද? එයා ඔයාට ගොඩක් ගෞරව කරනවා.

ගස්? නැත්තම්.

එයාටනම්, ඔයාව නිකම් Yao Ming හරි Shaq හරි වගේ.

හොඳයි, කොයි කෙනාද? ඒ දෙන්න අතරෙ ලොකු වෙනස්කමක් තියෙනවා.

Yao Ming.

ඇත්තටම Shaq. ඔයා එහෙම හිතනවද?

ඔව්, මම එහෙම හිතනවා. ගින්දර.

එයා හිතන්නෙම ඔයා පොලිස් නිලධාරියෙක් වෙන්න ඕනමයි කියලා. එයා මට කිව්වා.

මා එක්ක පහල තට්ටුවට යමු. පොලිස් ලොක්කා අම්මගෙ ආරක්ෂක පද්ධතිය බලන්න ඇවිල්ලා.

ඔයාට පුලුවන් එයාට පෙන්නන්න, ඔයා කොච්චර හොඳට ඔයාගෙ ජොබ කරනවද කියලා.

ෆෙරල් මට කිව්වා මෙතනින් හෙල්ලෙන්න වත් එපා කියලා, ඒත්...

මම පාටියේ ඉඳලයි ආවේ. ගනන් ගන්න එපා. එයා එතන නෑ.

එයා මට ඇහැක් ගැහුවා! එයා මට ඇහැක් ගැහුවා!

ඉතිං ඇත්තටම ගස් හිතනවද මම නියමයි කියලා? ඔව්.

මම හිතන්නෙ ඒක වෙන්න ඇති සංඥාව. යමු.

ලොක්කා කෝ?

මේකෙන් එන තරංගය ඇඟ හරහා යනවා... ඒකයි මම මේකට කැමති. හිතාගන්න බෑ නේ.

ඔහ්, දෙයියනේ.

එන්න, මැඩී! එන්න!

එන්න! එන්න, මැඩී!

ඉක්මනට! එන්න!

ඔක්කොම හරි, 22ට යමු.

නවතින්න! රතු එලිය.

යන්න, යන්න, යන්න, යන්න!

රතු එලිය! අපිට තව කොච්චර වෙලාවක් මෙහෙම නැවති නැවති යන්න වෙයිද?

යන්න!

රතු එලිය!

කොළ එලිය!

යන්න, යන්න, යන්න, යන්න!


කට්ටිය, ඔක්කොම හරි.

මම වැඩේට බැස්සා. හරි එහෙනම්, මැක්ස්.

මම ඉක්මනට එන්නම්. මම බැංකුවට කෙලින්නයි යන්නේ, එතකොට අපිට තාත්තව බේරගන්න පුළුවන්.

මට පහක් දාන්න. එල!

බායි.

රතු එලිය.

කොළ එලිය!

රතු එලිය.

යන්න!

ඔස්ටින්.

හොයන්න.

ඔයාට ඔතනින් බල්ලො ඉන්නවද කියලා පේනවද?

මම හොයනවා. කූඩු වල නම් මොකෙක් වත් නෑ. එයාල වෙන කොහෙහරි ඉන්නවා වෙන්න ඕන.

ඔක්කොම පැහැදිලියි. අවුලක් නෑ.

කැමරා ටික... නැවැත්තුවා.

නෑ, මැක්ස්! නෑ!

ආපහු යන්න, මැඩි!

ඔස්ටින්?

මැක්ස්, එපෝ! කැමරාව නම් එපෝ!

මේක සෙල්ලම් බඩුවක් නෙමෙයි. නෑ, මේක සෙල්ලම් බඩුවක් නෙමෙයි.

ඔස්ටින්! මැක්ස්!

හරි හරි, මම ඒක ගත්තා. යන්න.

ඔයා කොහොමද දන්නේ බල්ලො මේ පැත්තෙ ඉන්න විදියක් නෑ කියලා? මම දන්නෙ නෑ.

ඒත මම හිතනවා අපි ඒක හොයාගනී.

වෝව්, මේක පට්ට උසයි.

බායි බායි, මගේ පැටවුනේ.

බිම නම් බලන්න එපා. ඔයාට එතකොට අවුලක් නෑ. මේ මොකද්ද?

තවත් දොරක්? දැන් මේක අරින්නෙ කොහොමද කියහන්කෝ?

Open sesame! (රහසිගත යමකට ඇතුලුවීමේ මුර පදය)

මේ මගුලෙ නම්බරයක් වත් නෑ නේ.

වාව්! පට්ට!

ෆෙරල් මහත්තයා... අහ්, ෆෙරල් මහත්තයා?

මම මොනවහරි පස්වෙනි අංශයේ දැක්කා. මම එන්නම්.

උඹේ ජංගිය තෙමා ගන්න එහෙම එපා.


මැඩි, අපි ගොඩක් බිම්න් ඉන්නේ.

මගේ එක්ස්- බොක්ස් එකට බායි කියන්න...

මගේ අයි පොඩ් එකට, මගේ ගෝ-කාට් එකට.

ආච්චි අම්මගේ සීතල කකුල් මසාජ් කරන එකටයි.

මොකක්?

මම-මම පස්වෙනි අංශයේ මොනවහරි දැක්කා.

මෙන්න මේ හරියෙන්.

පස්වෙනි අංශයෙන් නේ?

මමයි හිටියෙ පස්වෙනි අංශයේ!

ඒ මමයි, මෝඩයෝ!

මම ඔයාට කිව්වද ගොඩක් වතාවක්...

"පස්වෙනි අංශය" කියලා කෑගහපු කොල්ලගෙ කතාව?

අඩේ...

එයාල ඔක්කොම සල්ලි තියන්නෙ මෙතනද?

ගොඩක් ස්තූතියි, අම්මේ.

එතකොට මේක තමයි බ්‍රිස්බේන් මහත්තයගෙ ඔෆිස් කාමරය.

ඒ දර්ශනය දිහා බලන්න. කවුරුහරි එනවා. පාත් වෙමු.

ඔහොම ඉන්න.

අන්තිමට, මට ඔයාව සම්පූර්නයෙන්ම අයිති වුනා පැටියෝ.

හොඳයි, මම කැමතියි බ්‍රිස්බේන් මහත්තයගෙ ඔෆිස් කාමරයට යන්න එයා මෙතන නැහැ කියලා... දැනගත්තාම...

ඒක නගින්න තරම් උස වැඩියි. ඒක පහලට ගේන්න පුළුවන් ක්‍රමයක් මෙතන ඇති.

එහෙනම් පොඩ්ඩක් හොයන්න මට උදව් කරනවා.

ගස්!

ගස්, ඇවිත් මට උදව් කරන්න!

අඩේ...

ඔයා දන්නවද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් (ෆිල්ම් එක)?

මම ඒ ෆිලුමෙ හිටියා.

මම ඒකට මාර ආසයි!

වෝව්! මේක අමුතුයි!

ඔයා මොකද්ද කලේ? මම දන්නෙ නෑ. මම මේකගෙ ඇහැට අඩිය තිබ්බා විතරයි.

මේ නම්බර බිත්තියෙ නම්බර වලට සමානයි.

මේවා තමයි ඉතුරුම් ගිනුම් පෙට්ටි.

මම ඔට්ටුවක් අල්ලනවා අපි මේකක් එබුවොත්...

මගෙ අම්මා මාව මරයි.

3212 ඇතුලට යවන්න.

2357 ඔබන්න.

අම්මා...

ඒක හරි.

අම්මා ළඟට එන්න. ඔහ්, යෙහ්!

මිස්ටර් හාට්...

ඒකෙන් අපේ නමවෙනි තට්ටුවේ සංචාරය අහවර වෙනවා.

අපි ආපහු පාටියට යමු.

කවුරුත් දන්න දෙයක් ආ.

මේක වැඩකරයි.

මැඩී, ඔයාට නගින්න බෑ. ඒක භයානක වැඩියි. ඔයාට ඒක කවදාවත් කරන්න බැරිවෙයි.

මම ඒක කරනවා. ඔස්ටින්...

ප්‍රධාන පද්ධතිය හැක් කරන්න... ඊටපස්සෙ සේප්පුව පහලට ගේන්න පුළුවන් ක්‍රමයක් හොයපන්.

මැඩී විහින්ම මැරෙන්නයි යන්නෙ බං! හොයන්නම්.

දැන් හොයනවා. ගස්, මම ඔයාට ආදරෙයි. දැන්, මම කියන දේ කරන්න.

හරිද? 5344.

මම සේප්පුව පහලට ගේන්න පුළුවන් ක්‍රමයක් හෙව්වා, ඒත්...

ඔයාලට කියන්න, මට මොකුත් හොයාගන්න බෑ.

ඔතන මොකද්ද සිද්ධ වෙන්නේ? 2244.

ඔයාට ඒක අදාල නෑ, මචෝ. මට දැනගන්න ඕන.

ඊලඟට මොකද්ද?

4231.

ගස්! සමාව.

ඔයා මාව මෙතනම මරන්නයි යන්නේ, මචෝ. ගානටම. 4232 පස්සට ගන්න.

සුභ සන්ධ්‍යාවක්, හැමෝටම. ඔයාලට කොහොමද?

ලස්සන වෙලාවක් ගතකරනවා නේද, එහෙම නේද? ගින්දර.

අපේ උතුම් අධ්‍යක්ෂකවරුන්ගේ...

දියුණුවට හේතුවන එකම එක දෙයයි මෙතන තියෙන්නේ:

ඒ මුදල් කටයුතු.

හරි, ගස්. අන්තිම එක. 5343.

ආරක්ෂාව බිඳවැටුනා.

ආරක්ෂාව බිඳවැටුනා. එතකොට දැන්...

ආරක්ෂාව බිඳවැටුනා. ආරක්ෂාව බිඳවැටුනා.

මොකක් හරි කරන්න.

දැන්ම මොකක් හරි කරන්න. මොකක් හරි.

ඔහ්, ෂූට් එක. ටේප් එක?

ඔස්ටින්, ටේප් එක දාන්න. ටේප් එක දාපන්. හරි හරි.

හාට්මන් මහත්තයා, එලාම් එක කෑගහනෝ!

ගන්න ගන්න එපා. මේ මමනේ. එලාම් එක නවත්තන්න.

මම බල්ලො ටික නිදහස් කරන්න ඕන. සන්සුන් වෙන්න, කුමරිය.

ගන්න ගන්න එපා. නිකම්...

ඇත්තටම. නෑ. ගන්න ගන්න කිසි දෙයක් නෑ. ඒ...

මෙතන ඉන්නෙ මම. එලාම් එක නවත්තන්න.

මමද...

එලාම් එක නවත්තපන්.

හොඳයි, ඒකෙන් පේන්නෙ අපේ ආරක්ශක පද්ධතිය වැඩකරනවා කියලයි.

ඔව්. ඒක වැරදිලා වැදිච්ච එකක්, හැමෝම. ඉතිං ඇයි අපි...

සංසුන් වෙලා මේ සොඳුරු පාටියෙ අත්දැකීම විඳින්නෙ නැත්තේ?

ඔයාල මොකද කියන්නේ? සොඳුරු. කරුණාකරලා.

මෙතන මොකක් හරි වෙනවා. මම ඒක හොයාගන්න ඕන.

තිර ටික බලනවා!

මට මේක කරන්න පුලුවන්.

මැඩී, පරිස්සම් වෙන්න.

මැඩී, මම මගේ බයිසිකලේ අමතක කරලා ආවා කියලා මගේ දෙමව්පියො මාව සතියක්ම හිර කරන් තිබ්බා.

ඉතිං හිතහන්කො එයාල අපිව දැන් අල්ලගත්තොත් මොකක් වෙයිද?

අ-අපිට වෙන පාරක් හොයාගන්න පුළුවන් වෙයි. ඕක භයානක වැඩියි.

එයා මට ඇහුන්කම් දෙන්නෙ නෑ. එයා මට ඇහුන්කම් දෙන්නෙම නෑ.

එයා මේ මගුල් බිත්ති දිගේ නගිනවා, ඒත්... ඔස්ටින්, සමහරවිට එයා ඔයාට ඇහුන්කම් දෙයි.

ඒක මුලිනුයි වෙන්න තිබ්බේ.

මම හිතනවා ඔයාට අට වසර හිරේදි ඉවරකරගන්න පුළුවන් වෙයි කියලා.

ඔහ්, ඉන්න. අපි හිරේ හිටියොත්, අපේ අම්මලට අපිව හිර කරල තියන්න බෑ. නේද?

අනේ. මේකනම් වෙන්න එපා.

මේ මගුල හිරවුනා. ඒක හිරවෙලා.

මුදුනෙ ඉඳල අඩි විස්සෙදි, මගේ ආම්පන්නය හිරවුනා...

ඒත් එතන උඩට යනකන්ම ෂෝක් පැල්මක් තිබුනා.

එයා ඒක නිදහසේ නැග්ගා.

මැඩී, ඔයා ඕක නිදහසේ නගිනවද?

මැඩී, එපා.

මැඩී, අපි කිසි දවසක කිස් කරලාවත් නෑ.


එයා බිම බලනවා. එයා බිම බලනවා!

එයාට එපා කියපන්. ඔහ්, ඇයි මම බිම බැලුවේ? මෙක උසයි.

මැඩී, බිම බලන්න නම් එපෝ!

ඕහ්, මේක උසයි. මේක එච්චර උසක් නෙමෙයි.

හරි. ඔක්කොම හරි.

ගස් නිකම් කූඹියෙක් වගේ.

හරි. ඔන්න යනවා.

හරි.

එකයි, දෙකයි...

දෙකහමාරයි...

මැඩී, එපෝ! තුනයි.

මැඩී!

ගස්?

ඔහ්, නෑ.

එයා ටයිමරය ක්‍රියාත්මක කරලා, ගස්. එයාට එලාම් එක වදින්න කලින්, කෝඩ් එක ටයිප් කරන්න විනාඩි දෙකයි තියෙන්නේ.

මැඩී, ඔයා ටයිමරය ක්‍රියාත්මක කරලා. ඔයා යතුරු පුවරුවට ලං වෙන්න ඕන.

හරි.

"D-E-N-I-R-O."

පිවිසුම ප්‍රතික්ෂේපයි. (කෝඩ් එක වැරදියි)

ඔහ් නෑ! "De Niro's" නෙමෙයිද කෝඩ් එක?

ඔහ්, මට ඒක විශ්වාස කරන්න බෑ.

මට කෝඩ් එක අයින් කරගන්න බෑ, මැඩී.

ඔයාගෙ අම්මයි සේප්පුව හැදුවේ, ඉතිං කෝඩ් එකත් එයා හදපු එකක් වෙන්න ඕන.

ඒක මොකක් වෙන්න පුළුවන්ද? ඔයා මොකද්ද පාවිච්චි කලේ?

"මැක්ස්වෙල්."

පිවිසුම ප්‍රතික්ෂේපයි. (කෝඩ් එක වැරදියි)

නෑ! අනේ අනේ, මැඩී! හිතන්න!

අනේ, මැඩී. අනේ.

අනේ.

ඒක මොකද්ද?

අම්මේ, ඔයා මොකද්ද පාවිච්චි කලේ?

තාත්තා.

පිවිසුම ප්‍රතික්ෂේපයි. (කෝඩ් එක වැරදියි)

මම ඔයා ගැනයි හිතන්නෙ, මැඩලයින්.

හැමදාම. හැමවෙලේම.

"මැඩලයින්."

ඇතුළුවීමට අවසර ඇත. (කෝඩ් එක නිවැරදියි)

එයා මගේ නම පාවිච්චි කරලා තියෙන්නේ... මගෙ නමයි කෝඩ් එක.

ඔන්න ඔයාට අපි මුහුන දුන්නා, හාඩර්බච් මුදල් කටයුතු පිළිබඳ බැංකුව! ගස්?

මොකද්ද වුනේ?

එයා ඒක කලා. එයා ‍සේප්පුවෙයි ඉන්නේ.

ඔතන සල්ලි තියෙනවද? හේයි, ගස්, ඩොලර් 250,000 ඔන්න එනෝ!

නෑ. ඒක මෙතන.

එල වැඩේ, මැක්ස්.

ඔක්කොම හරි. මම ඔයාලව කාට් වලදි හමුවෙන්නම්.

ඔස්ටිවන්, අපි දැන් යනවා.

පිටවීමේ කෝඩ් එක පිළිගත්තා.

5, 4, 3, 2, 1.

රතු කෝඩ් එක. සියළුම අංශ වල දොරටු අගුලු දමනවා.

එන්න, මැඩී. දුවන්න!

ඉක්මනට! එන්න!

එන්න!

රතු කෝඩ් එක.

අනවසර ඇතුලු වීමක්. රතු කෝඩ් එක. අනවසර ඇතුලු වීමක්.

හෙලෝ. ඔව්. අහන්න, හාඩර්බච් මුදල් කටයුතු පිළිබඳ බැංකුවේ අනවසර ඇතුලු වීමක්.

හැමෝවම යවන්න. මම කිව්වේ, හැමෝවම.

බල්ලො නිදහස් කරන්න.

ඉක්මන්! ඒක වැහෙනවා!

පෙරලෙන්න!

භය වෙන්න එපා, නෝනාවරුනි මහත්වරුනි! පොඩ්ඩක් සන්සුන් වෙනවද?

අපි අද රෑට මේක විවෘත කරන්න ඕන!

අපි ඉස්පිරිතාලෙට යන්න ඕන.

එයා ජීවිතේට එක වචනයක් වත් කිව්වේ නෑ. දැන් නම් එයා කට ව‍හගෙන ඉන්න එකක් නෑ.

හායි, මැක්සි.

එන්න, පැටියෝ. අපි තාත්තව බලන්න යමු. හරිද?

බව්වෝ.

ඔස්ටින්, ඔයා මේ වඩේ කරනවා නේ?

දුවපියෝ!

"දුවන්න"? ඔයාට අපි වෙනුවෙන් කරන්න තියෙන්නේ "දුවන" එක විතරද?

උදාව්! කවුරුවරි!

බිත්තිය!

මගෙන් අයින් වෙනවා!

ගස්! ඔස්ටින්?

මගෙ බෑග් එක!

අයියෝ සල්ලි නම් එපා...

ඔහේ මෝඩ...

හරි.

අපි මේකෙන් පහලට යන්න ඕන.

ඔස්ටින්! වරෙන්. යමු. යමු.

එන්න, ඔයාල එන්න. අපි යන්න ඕන. අනේ දෙවියනේ.

මැඩ්-ඩී.

ඔස්ෆාට්!

"ෆාට්"? ඒකද කෝඩ් එක?

එන්න, කට්ටිය. අපි මේකෙන් පහලට යන්න ඕන.


අපිට මොනවද මෙතන තියෙන්නේ?

ඒක ඔයා හිතන දෙය නෙමෙයි. අපි නිකම්...

නවත්තනවා. අපි පාටියෙයි හිටියේ...

කට වහගන්නවා, නැත්තම් මම ඇවිත් වහලා දෙන්නම්!

හොඳයි, තරුණ චැඩ්ලි.

පේන්නෙ අපි අපේ මුල්ම වැඩේ, පුංචි හොරු ටික අල්ලගෙන වගේ.

මෙයාලව බේරගන්න මෙතන කවුරුත් නෑ...

ඒක නිසා කාටවත් මෙයාලගෙ සද්දෙ ඇහෙන එකක් නෑ!

මුලින්ම, අපි...

මගේ උපකරණය කෝ?

මේකද හොයන්නෙ මහත්තයෝ?

ඔයා මොකද්ද කරන්න යන්නේ, සහෝ?

ඔයාල මේ සල්ලි ගත්තෙ මිස්ටර් පී වෙනුවෙන් නේද, එහෙම නේද?

අමතක කරන්න එපා කවුද ඔයාලව මෙතනින් බේරගත්තෙ කියලා. හරිය?

නරක චැඩ් මේ වගේ දේවල් හැමවෙලේම කරන්නේ නෑ...

ඒයි කට්ටිය, අපි දැන්නම් යන්න ඕන.

මං ගියෝ!

හොඳයි, මමත් ගි-යෝ!

අම්මේ?

දෙයියනේ!

මැක්ස් කොහෙද? මැක්ස්! මැක්ස්?

මැක්ස්. මැක්ස්.

මැක්ස්!

මැක්ස්, ඔයා හොඳින්ද?

ඔය මොකද්ද?

මොකද්ද? ඔයාගෙ බෙල්ලෙ තියෙන්නේ.

හොඳයි,...

හොඳයි, මචෝ මම හිතන්නේ, අපිට ඔයාට කියන්න දෙයක් තියෙනවා.

ආ, ඇත්තද?

කට්ටිය, අපිට මේකට තව වෙලාවක් නෑ. එන්න. අපි යමු.

ගස්ට කොහොමද මගේ මාලෙ ලැබුනෙ කියලා දැනගෙන මිසක්, මම නම් මෙතනින් හෙල්ලෙන්නෙවත් නෑ.

එයා අපිව පාවිච්චි කලා.

හරිම කැතයි, මැඩී.

අපි මෙතනින් යමු, මචෝ. ඔව්. මමත් යන්න එනවා.

දැන් ඔයයි මමයි විතරයි, මැක්ස්.

මම හිතන්නෙ මගෙ කාට් එකේ ගෑස් ඉවරයි.

ඔයාට ආපහු යන්න ඇති තරම් තියෙන්න ඕන.

ආදරයේ වේදනාව, නේද?

ඔය කාට් වල ඉන්න ළමයි, ඔහොම නවතින්න.

ඉක්මනටම නවත්තන්න.

ගස්, මට බාල අපරාධකාරයෙක් වෙන්න ඕන නෑ.

ඔස්ටින්, ලෑල්ලටම පාගපන්.

සියළුම අංශ ප්‍රතිචාර දක්වන්න, 2-11, හාඩර්බච් මුදල් කටයුතු පිළිබඳ බැංකුව.

අංක 22 කාර් රථය සොරකමක් කලා යැයි සැලකෙන ළමුන් සිටින ගෝ-කාට් පසුපස දිගටම යනවා.

22, අයෙත් කියන්න. අහ්, මට ඇහුනෙ ඔයා කිව්වෙ "ගෝ-කාට්" කිව්ව වගේ.

ගස්, දැන්නම් මචෝ, ගෑස් ඉවරෙටම ඉවරයි.

මගේ වාහනේ නවතින්නයි යන්නේ. මගේ කාට් එකට පැනපන්.

මොකක්? උඹට පිස්සුද?

ඉක්මනට. පොලිසිය අපේ පස්සෙන්මයි.

එකායි, දෙකයි...

"තුන" ට මොකද වුනේ?

හරි, මචෝ. අල්ලන් ඉඳපන්.

දැන් හැරියන්! බලාගෙන! ට්‍රක් එකක්.

හරි හරි. මම ඒක බලාගෙන්නම්.

ගස්, එයාල අපේ ළඟින්මයි!

ගස්, සීමාව බලාගෙන! දෙයියනේ.

හරී! එයාල හිරවුනා! 22 වාහනය, බේරගන්න කියලා ඉල්ලනවා.

ඉන්න. අපිට එයාලව මගහැරෙන්නයි යන්නේ. යන්න! යන්න! යන්න! යන්න! යන්න!

අයියෝ, කාට් එක! අයියෝ!

මේ L.A.P.D. එකයි, ඔයාලව වට කරලා.

ඔයාලගෙ ගෝ-කාට් එක වහාම නවත්තන්න.

මරුනේ! අපිට දැන් ස්පොට්ලයිට් එකකුත් තියෙනවා.

ඔයාල වරදක් කරලයි ඉන්නේ. ඔයාලගෙ ගෝ-කාට් එක නවත්තන්න.

ගස්, අපි දැනටමත් මැරිලා බං! අපිට මේකෙන් මලාට බේරෙන්න බැරිවෙයි.

මම පොඩි ගැජමැටික් ටිකක් සෙට් කලා. ගනන් ගන්න එපා.

පලවෙනි යානය පහලට එනවා.

අන්න යකෝ හෙලිකොප්ටරේ යන්න යනවා! හේයි, එයා මොකද්ද කරන්නේ?

හරි, ඔස්ටින්. අපි මේ පොලිස් නිලධාරි දෙන්නවත් මගඇරගමු.

ඔන්න මචන් ඔයා දැන් පිරිසිඳු NOS, P.S.I සීයක බලය දැනගන්නයි යන්නේ, හරිය!

මෙන්න එනෝ. පළවෙනි යානය. අපි එයාලව අල්ලන්නම්.

මෙන්න මේ හෙලිකොප්ටරේ ආයෙත් ඇවිත්! අපිව අල්ලගනියි!

හෙලිකොප්ටරයට ලං වෙන්න එපා. ගස්, දැන් මොකෝ කරන්නේ?

අපි ඔයාලව වටකරලයි තියෙන්නේ. මම හිතන්නෙ අපි නැවතෙන්න ඕන.

ඔයාලගෙ ගෝ-කාට් එක නවත්තන්න. අපි යටින් යමු.

එපෝ! යටින් යන්න එපෝ! මම ඒක කරන්නයි යන්නේ!

එපෝ!

ඒක මහ පිස්සුවක් බං. මම ද්නවා. ඒක ලඟින් තිබුනේ.

මට නම් හොඳයි, මම... ගස්, පාර දිහා බලපා..න්!

අර ට්‍රක් එක දිහා බලපන්! ගස්, බලපන්!

පාත්වෙයන්!

ඒක ඇත්තටම...

අඩේ. මචෝ, ඔයා අර හෙලිකොප්ටරේ දැක්කද? ඒකනම් මරු ආ.

ඔයා හිතන්නෙ මැඩී ඒක කරන්න ඇතිද? ඔව්.

ඔව්. මට ෂුවර් එයා ඒක කරන්න ඇති. මම කිව්වේ...

පොලිසිය අපිව පැන්නුවා, නේද? ඔව්. ඕව්.

මට ෂුවර් එයා ඒක කරන්න ඇති. මට විශ්වාසයි ඔයා හරි ඇති.

අපි ආපහු යන්න ඕන, එහෙම නේද? ඔව්. අපි එයාව අරගන්න ඕන.

හරි, ඔස්ටින්. දැන් පැනපන්.

අපි යමු. අපි මැඩීව අරගමු.

පාත්වෙන්ඩෝ!

ඉක්මන්! ඉක්මන්! එයාලට අපිව කිසි දවසක අල්ලන්න බෑ, ඔස්ටින්.

හරි, මැක්ස්. අපි දැනටමත් එතන.

තව එක බ්ලොක් එකයි.

22 වාහනය, මම හිතන්නෙ අපි එයාලව හොයාගත්තා.

හරි. අල්ලන් ඉන්න, මැක්සි.

මැඩී, අපි ආයෙත් ආවා!

ඔයාල මෙහෙ මොකද කරන්නේ? අපිට මෙයාලගෙන් බේරෙන්න බෑ. මම ඒක බලාගන්නම්.

අපිව ඉස්සර කරගෙන යන්න. හරි.

ඔය කාට් වල ඉන්න ළමයි, ඔහොම නවතින්න.

ගස්! එයාල ලං වෙනවා! වැඩි වෙලාවකට නෙමෙයි.

ඔන්න යනවා: ජැක් මෙහෙයුම!

මම වැඩ්ඩෙක්!

14 වාහනය, අපිටත් කෙලවුනා.

ස්තූතියි, කට්ටිය. දැන් දිගටම යමු!

අපි ඔයාගෙ පිටිපස්සෙන්මයි, මැඩි. බේරගන්න කියලා ඉල්ලනවා.

ඇලන්!

මටත් ඇහුනා. එයාල කොච්චරක් අරන් ගිහින්ද? මේ කවුද?

අහ්, එයා තමයි ආරක්ෂා අංශයේ ප්‍රධානියා.

සැකකාරයෝ තුන්දෙනයි. එයාල ගිහින් තියෙන්නෙ ගෝ-කාට් වලින්.

එයාල ඩොලර් 250,000 කට කෙළලා.

ගෝ-කාට්? ඔව්. අපිට මේකත් ආරක්ෂක කාමරයේ තිබිලා හම්බවුනා.

එයාල සේප්පුවට නැගල තියෙන්නෙ මේකෙ උදව්වෙන්.

ඔයාල අපරාධකාරයො අල්ලගත්තද? දැනට නෑ.

මට දැනගන්න ඕන මේකයි, ඩොලර් මිලියන 25ක් තියෙන සේප්පුවකට ගිය කෙනෙක්...

ඇයි ඩොලර් 250,000ක් විතරක් අරන් ගියේ?

ඉඩ දෙන්න! අන්න එයා ඉන්නවා! එයාට තමයි ආරක්ෂක අංශයේ ප්‍රධානියා කියලා කිව්වේ. මේ සේරම එයාගෙ වැරැද්ද!

ඇත්තටම, බ්‍රිස්බේන් මහත්තයා, මම... අහ්, බ්‍රිස්බේන් මහත්තයා, ඇත්තටම බැලුවොත්...

මොලී ඔයාට කිව්වනේ ආරක්ෂක පද්ධතිය තාම පරික්ෂා කරල නෑ කියලා. ඇත්තට?

හොඳයි, you just got your walking papers. Didn't you, Hartmann?

තමුසෙ මටද කතා කරන්නේ?

තමුසෙ මටද කතා කරන්නේ?

හොඳයි, තමුසෙ මට වෙන්න ඕන කතා කරන්නේ, මොකද මෙතන වෙන කවුරුත් නෑනේ. ඉතින් තමුසෙ මට වෙන්න ඕන කතා කරන්නේ!

මට ඉඩදෙන්න.

මම සමාව ඉල්ලන්න ඕන...

මේ ලොකු විනාශය ගැන.

මම ඔයාට සහතික වෙනවා... තමුසෙ මගෙන් නෙවෙයි සමාව ඉල්ලන්න ඕන, බ්‍රිස්බේන්.

ආරක්ෂක අංශයේ ප්‍රධානියා ඔයාට කිව්වනම්...

පද්ධතිය තාම සූදානම් නෑ කියලා, ඒක පේන්නේ... ඔයාල කියන විදියට නම්...

මේ උත්සවයෙ දිගටම යන එක තේරුමක් නෑ.

සමාවෙන්න මැඩම්. මේ චෝදනාව කෙලින්ම ඔයාට වැටුනට.

පැත්තකට වෙලා ඉන්න බැරිවුනා, නේද?

අපි ගිහින් ඔයාගෙ තාත්තව බේරගමු.


මැඩී, ඔයා ඔය මොකද්ද කරන්නේ?

මා ගාව සැත්කමට සල්ලි තියෙනවා, තාත්තේ. අපි ඩෙන්මාර්ක් වලට යමු.

ඔයා මොකක් ගැනද ඔය කියන්නේ? මා ගාව සල්ලි තියෙනවා!

පැටියෝ.

ඔයාල මොකද්ද කලේ?

මැඩී, අපි යන්න ඕන!

ඔයාල මොකද කරන්නේ?

මැඩලයින්, මොකද්ද...

අම්මේ, මට තියෙනවා... මා ගාව සල්ලි තියෙනවා. අපිට යන්න පුළුවන්.

මොලී, මොකද්ද... මේක මොකද්ද?

මම එයාට අනතුරු ඇඟෙව්වා...

පද්ධතිය දැනට ක්‍රියාකරවන්න සුදුසු නෑ කියලා.

මම දන්නවා.

ඒ වගේම ඕන කෙනෙක්ට ඔප්පු කරන්න පුළුවන්...

බැංකුව කොච්චර අනතුරුදායක තත්වයකද තිබුනෙ කියලා...

මට මගෙ දුවයි එයාගෙ යාළුවො දෙන්නයි ඉන්නවා... ළමයි තුන්දෙනෙක්... බැංකුව කොල්ලකාපු.

මම හිතනවා ඔයාල මගේ ගිවිසුම බැලුවනම්, ඔයාල දකිවි...

මට අවසර තියෙනවා, හෙලිදරව් කරන්න බැරි විදියේ පරීක්ෂන, පද්ධතියට සිදු කරන්න...

පද්ධතිය ක්‍රියාකරන්න සුදුසුයි කියලා තහවුරු කරන දවස වෙනකම්.

ඔයා මේ එකක්වත් පිළිගන්නවද?

ඔව්.

මොලීට බලය දීලයි තිබුනේ, පද්ධතිය පරික්ෂා කරන්න...

උපදේශකයො කුලියට ගන්න.

මේ ඔක්කොම සැලැස්මක්...

අත් දක්ෂ සැලැස්මක්.

ඔක්කොම හරි. පොඩ්ඩක් පස්සට වෙනවද, කරුණාකරලා?

පිලිප්ස් මහත්මිය... පිලිප්ස් මහත්මිය, ඇත්තද කියන්න...

ඔයාගෙ දුව අපරාධකාරයන්ගෙන් ප්‍රධානම කෙනෙක් කියන එක?

සර්? පිලිප්ස් මහත්මිය, අනේ?

ලෑස්තිද? අපිට තේරුම් ගන්න පුළුවන් ළමයි තිදෙනෙක් ඉක්මනින් කරපු මේ වැඩේ...

ඉවරවුනේ පොදු රෝහලෙන් කියලා.

විස්තරනම් අසම්පූර්නයි, ඒත් පේන විදියටනම් ළමයි...

හාඩර්බච් මුදල් කටයුතු පිළිබඳ බැංකුවෙන් මිලියන කාලකට ආසන්නව සොරකම් කරලා තියෙනවා...

වගේම බැංකුවෙ ඇතුලත මාර්ගයකින් නම් පවසන්නේ...

මෙය සම්පූර්නයෙන්ම බැංකුවෙ ආරක්ෂාව පරික්ෂා කිරීමට කරන ලද දෙයක් කියලයි...

දැන්, එක එක කතා පැතිරෙනවා, ඒත් වාර්තාකරු දැනගෙන තියෙනවා...

ළමුන්ගෙන් එක් අයෙකුගේ පියාට දුෂ්කර සැත්කමක් කිරීමට ඇති බව.

ළමයාව හඳුනාගෙන නම් නෑ...

ඒත් එයාගෙ තාත්තා රොහලේ ලියාපදිංචි වෙලා තියෙන්නේ ටොම් පිලිප්ස් කියලයි.

පිලිප්ස් මහත්තයා ගෝ-කාට් පථයක් පවත්වාගෙන ගොස් තියෙනවා, ඒ වගේම හෙට නිවසට ආපසු යෑමට බලාපොරොත්තු වෙලා තියෙනවා...

ඒත් රක්ෂණය ඔහුගේ සැත්කම ආවරණය කරන්නෙ නෑ. මැඩී?

මම මරියා, චැනල් 10 ප්‍රවෘත්ති සමග.

ඔයා දන්නවනේ, ඔයාල කරපු දේ වැරදියි.

ඔව්, මම දන්නවා. ඒ වගේම මම දන්නවා, ඔයා වෙනුවෙන් මම එතන හිටියෙ නෑ කියලත්.

ඒත් ඒ ඔක්කොම වෙනස් වෙයි. හරි?

මම ඔයාට ආදරෙයි. මමත් ඔයාට ආදරෙයි, මැඩී.

ඔයාට ලොකු හදවතක් තියෙනවා.

ඔයාල ඉක්මනට ගෝ-කාට් පථයට එන්න ඕන. ඔයාල මේක විශ්වාස කරන එකක් නෑ.

එයාල එනවා.

එයාල මොකද කරන්නේ?

ටිකට් ගන්න බලාගෙන ඉන්නවා. එන්න. අපි යමු.

ඒයි, මැඩී. ඒයි.

අනේ, ටිකට් එකක් සිලිං 3ක් විතරයි.

ඉතුරු තියාගන්න. ඔයාගෙ තාත්තට හොඳ වෙන්න කියලා කියන්න. ස්තූතියි.

මෙතන ඩොලර් 3ක් තියෙනවා. හොඳයි, මෙන්න මගේ දෙමව්පියන්ගෙන් ඩොලර් 100 ක්ම.

ස්තූතියි. ඉන්න. මෙන්න ඔයාගෙ ටිකට් එක.

ඩොලර් 6යි. මෙන්න ඔයාට. මිස්ටර් පී ට කියන්න, "හොඳ වෙන්න කියලා."

කීයද? 400.

මා ගාව 300ක් තියෙනවා.

මෙතන 2යි. ඉන්න. එකතු කරන්න...

හොඳයි?

ප්‍රවෘත්ති අංශය කරපු පරිත්‍යාග එක්කම අපිට තාම මදි.

මොලි?

මිස්ටර් හාට්මන්. ඔයාට මොනව හරි මගඇරුනා...

සමාගම සඳහා උපදේශක ගාස්තු.

අඩේ... ඩොලර් 50,000?

අහ්. කොණඩේ. කොණඩේ.

හොඳයි, ඒකෙන් ඔයාලට තව ටිකක් ලං වෙන්න පුළුවන් වෙයි.

ඒ වගේම බැංකුවෙ අයිතිකරු වෙනස ආවරනය කරගන්න, ඕනම පෞද්ගලික ණයක් දෙන්නත් සූදානම්.

මිස්ටර් බ්‍රිස්බේන් දැනටමත් කියලයි තියෙන්නේ...

එයා තවදුරටත් අපි එක්ක නැති එකට මට බයයි, ඒක නිසා මට කැමති වෙලාවක කතා කරන්න කියලා.

ඇත්තටම ඔයාට ස්තූතියි. ඒක හරි.

මම අන්තිමටම මගේ හොඳම දෙබස කලා.

ඩොලර් 50,000!

ඔව්! නෑ.

මෙන්න, මැක්සි. හරි, මැක්සි. ලෑස්තිද?

හරි. හරි, මැක්සි.


හරි. ඔන්න අපි ආවා. එහෙනම් දවසේ පළවෙනි තරඟයට ලෑස්ති වෙන්න! ඒ වගේම මම දන්නවා ඔයාලට කාවද ඕන...

තරඟය ගැන නිවේදනය කරන්න කියලා, ඒ වගේම අනිවාර්යයෙන්ම ඒ මම නෙවෙයි!

හේයි, තාත්තේ.

ස්තූතියි, මැඩලයින්.

ඔක්කොම හරි, තරඟ රසිකයිනි!

අපිට කවුද පලවෙනි තරඟයට ඉන්නේ? ඒ ජෝන් නොහොත් "තලන්නා".

එයා එයාගෙ කාට් එක ගේන්නෙ තලාගෙනමයි.

එයා අංක 4 දිහාවට හැරෙන තෙක් ඉන්න. මගෙ දෙයියනේ.

ඔයාල දන්නවනේ මේක මොන වෙලාවද කියලා, මේ තරඟ කරන වෙලාවයි!

මේ තරඟ කරන වෙලාවයි!

තාත්තා. ඇත්ත. ඒ ඔයාගෙ තාත්තා තමයි.


ඇයි මම ඔයාලගෙන් කෙනෙක්ව තෝරගන්න ඕන?

මොකද ඔයාට බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් ඉන්න බෑ. අනේ.

හරි.

මම කෙනා තෝරගත්තා.

අනිත් පැත්ත හැරෙන්න.

මොකක් වුනත් අවුලක් නෑ, අපි කොහොම වුනත් යාළුවො, නේද?

උඹට පිස්සුද?

උඹ තමයි හොඳම පොර.

එයාව අල්ලගන්න! මැඩී!

මැඩී, ඉන්න!

එන්න! ඔයා තෝරගත්තෙ නෑ නේ! මාව තොරගන්න. ඔස්ටින් පිස්සෙක් නේ!

ගස් ඊටත් අන්තයි! හීන විතරයි, කොල්ලනේ. ඔයාලට මාව අල්ලන්න බෑ. මගෙ කකුල් දිගයි.

මම ඔයාව අල්ලන්නයි යන්නේ, මැඩී.

ඔයාලට කිසි දවසක මාව අල්ලන්න බෑ.

මෙම උපසිරැසි Baiscopelk.com වෙබ් අඩවිය වෙත නොමිලයේ ලබාදුන් උපසිරැසි වේ. (උපසිරැසි ගැන්වීම යොමාල් සේනානායක විසිනි) (තෙවන උපසිරැසි ගැන්වීම 3෴) කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න